Saturday, November 15, 2014

ආදරයේ උල්පත වූ අම්මා......

අම්මා කෙනෙක්ගේ ආදරය කිසිම දවසක නිමා වෙන්නේ නෑ ..ඒ ආදරය හරියට උල්පතක් වගේ, උල්පතක් නොසිඳෙනවා වගේ කිසිම දවසක ඒ ආදරය නිම වෙන්නේවත් අඩු වෙන්නෙවත් නැ ... ඒ ආදරේ විඳින්න, ඒ ආදරේට තවත් ආදරේ කරන්න, අම්මාව හොඳින් රැක බලාගෙන සතුටින් ඉන්න එක ආත්ම භවයක් මදි නිසාම හැම ආත්ම භවයකදිම මගේ අම්මා මගේම වෙන්න කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා..

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ ..
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමී
සුළඟිල්ලේ එල්ලී