අම්මා කෙනෙක්ගේ ආදරය කිසිම දවසක නිමා වෙන්නේ නෑ ..ඒ ආදරය හරියට උල්පතක් වගේ, උල්පතක් නොසිඳෙනවා වගේ කිසිම දවසක ඒ ආදරය නිම වෙන්නේවත් අඩු වෙන්නෙවත් නැ ... ඒ ආදරේ විඳින්න, ඒ ආදරේට තවත් ආදරේ කරන්න, අම්මාව හොඳින් රැක බලාගෙන සතුටින් ඉන්න එක ආත්ම භවයක් මදි නිසාම හැම ආත්ම භවයකදිම මගේ අම්මා මගේම වෙන්න කියලා අපි හැමදාම ප්රාර්ථනා කරනවා..
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ ..
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමී
සුළඟිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිවමතුරක් වන් නැළවිලි ගීයෙන්
මතකයි මා නැළවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩිකල අම්මා
දස මාසයක් මා කුසේ තබා බිහි කරලා, මට පෙවූ කිරි වල ණය මට මේ ආත්ම බවයේදී ගෙවා ඉවර කරන්න නම් බැ.. මගේ අම්මා බුදු වන දවසක් වෙනතුරුම මං රාහුල කුමරුන් වගේ මගේ අම්මා පසුපසම යන්නයි මගේ එකම පැතුම....
No comments:
Post a Comment