![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidxOT7sJ27ZIsWa64OxmZBlsCbs5wbaoXxtyg99MSopOOS9zW2RhHlnubG1D1kRAaaVa7UaDW24Tt4DKZYu0t-bTKnax0SKrR8ShbWjO81o2033DkH-dI27jFh8PDgMjAze-vXoH30U6o/s1600/VICTOR+RATHNAYAKA.jpg)
2013 ජුලි මාසයේ ස ප්‍රසංගය හමාර කළ පසු වික්ටර් රසිකයන්ට හමුවන්නේ ජනකාන්ත වූ ශිල්පී ශිල්පිනියන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු සහභාගී වන සුභාවිත ගී ප්‍රසංග තුළිනි . එවන් ප්‍රසංගයක ගී 5 - 6 ක් පමණ ගයා තම ගැයුම් යාවත්කාලීනත්වයත් , රසික සම්භාෂනයත් රැක ගන්නා වික්ටර් වෙතින් 2014 දෙසැම්බර් 13 වෙනිදා රසික ලෝකයට පිරිනැමෙන්නේ කුමක්ද ?
1964 වසරේදී ගී ලොවට සපැමිණි වික්ටර් ශ්‍රී ලාංකේය ගී සහ සංගීත ලෝකයේ තම 50 වසර සපුරන්නේ 2014 දෙසැම්බර් මාසයේදීය . එම වික්ටර් අඩ සියවස සුපුරුදු සිංහල ගීයෙන් නොව හින්දි ගීයෙන් විචිත්‍රවත් කරන්නයි මෙම ප්‍රසංගය පවත්වන්නේ ... ඔහුගේම මිහිරි සිංහල ගීයට හින්දි අර්ථකතන සපයමින් ගයන ඔහු සමග , ඔහු සංගීතවත් කල අන්‍ය ජනප්‍රිය ගායක ගායිකාවන් ගැයූ ගීයෙන් මෙම සැන්දෑව වර්ණවත් වෙයි . වරෙක සිංගප්පූරු දේශයට ප්‍රසංගයක් සඳහා ගිය වික්ටර් හට එහි භාවිතා වන භාෂාවන්ගෙන් ගී කීපයක් ගැයීමට යෝජනා විය . එක භාෂාවක් හින්දි බස වීය . 'මේරෙ කහානී ' ගීයෙන් ගැටවරයෙකු ලෙස ගායනය උරගා බැලුවද වික්ටර් සිංගප්පුරුවේදී හින්දි ගී ගයන්නට නොගියේය . වහාම තම ගී පද වැල් හින්දියෙන් ලියවා මෝහනීය අයුරින් ගැයුවේය . රැස්ව සිටි සැවොම එම නව්‍ය අත්දැකීමෙන් මුසපත් වුහ . එම සිදුවීමෙන් දශක ගණනාවකට පසු අද ඔහු තම අඩ සියවස සමරන්නේ තම සිංහල ගී සඳහා යසෝධා විමලධර්ම සහ සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහයන් ලියු හින්දි වදන් මුසු නව ගීයෙනි . පෙර කී ලෙස වික්ටර් වෙනත් ශිල්පී ශිපිනියන් සඳහා ගැයූ ගී ගණනාවක්ද ප්‍රසංගයට ඇතුලත්ය.
ආචාර්ය වික්ටර් රත්නායකයන් මෙම හින්දි ගී ප්‍රසංගයෙන් තම අඩ සියවසක් වූ සංගීත ජීවිතය සමරන උත්කර්ෂවත් අවස්ථාව සදානුස්මරණීය ගී සිහිවටනයක් වේ යයි උදක්ම අපේක්ෂා කරමු .
- බන්දුල නානායක්කාරවසම් -
No comments:
Post a Comment